Monday, September 23, 2024

සජිත් ප්‍රේමදාසගේ මානුෂීය මුහුණුවර…

රෝගී තත්ත්වය නිසා පානදුර ප්‍රදේශයේ පවුලක් විසින් උකස් කර තිබූ ඉඩමක් නැවත ඔවුන්ට ලබා දීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (19) පියවර ගෙන තිබේ.

ලසන්ත සමන් කුමාර සිල්වා මහතා සිය ඉඩම උකස් කර තිබුණේ, පැවති රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මුදල් ලබා ගැනීමේ අදහසිනි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා,

ඕගොල්ලෝ ආවා මැයි 01 වෙනි දා මාගේ පියාගේ පිළිරුව ළඟට. ඒ ආපු වෙලාවේ මම පොරොන්දු වුණා ඉඩම බේරලා දෙනවා කියලා. මං මේක කරන්නේ මාගේ තාත්තාට පිං පමුණුවන්න. ක්ෂද්‍ර මූල්‍ය ණය බර උගුලේ දැනටත් සිටින ලක්ෂ සංඛ්‍යාත ජනතාවට මම පණිවුඩයක් ලබා දෙනවා මේ අවස්ථාවේ සමගි ජනබලවේග ආණ්ඩුවක් යටතේ ඒ අයගේ ණය බර තුරන් කරන යුගය අපි ආරම්භ කරනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles