ගුරුවර්ජනය තවදුරටත්.. සියලු සාකච්ඡා අසාර්ථකයි..

0
616

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පිරිස් මහතා සහ ගුරු සංගම් අතර අද (20) පෙරවරුවේ පැවති සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වූ බව ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි.

ඒ අනුව ඔන්ලයින් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

වැටුප් විෂමතාව ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ගුරු සංගම් පසුගිය 12 වනදා සිට ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්වෙමින් වර්ජනයක් ආරම්භ කළේය.

වර්ජනය අදත් ක්‍රියාත්මක වන අතර ඒ හේතුවෙන් දරුවන් පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකට ය.

මේ අතර වැටුප් විෂමතාව ඇතුළු ඉල්ලීම් මුල්කරගනිමින් ගුරු සංගම් අද පෙවරුවේ ගාල්ල ඇල්පිටියේ දී සහ මාතලේ නගරයේ දී විරෝධතා පැවැත්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here