ගම්මන්පිල ජයගනී!

0
344

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව සමගී ජනබල වේගය පක්ෂය විසින් ගෙනා විශ්වාසභංග යෝජනාව වැඩි ජන්ද 91 කින් පරාජයට පත් වුණා.

විශ්වාසභංග යෝජනාවට පක්ෂව ජන්ද 61ක් සහ විපක්ෂව ජන්ද 152ක් හිමිවුවා.

ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් බලශක්ති අමාත්‍යවරයාට එරෙහිව සමගී ජනබල වේගය පක්ෂය විසින් මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කෙරුණා.

බලශක්ති අමාත්‍යවරයා තමන්ට එරෙහිව නගා ඇති චෝදනා සම්බන්ධයෙන් මෙහිදී උදය ගම්මන්පිල අමාත්‍යවරයා කරුණු පැහැදිලි කර සිටියා.

මෙම විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැණුනේ දෙවන දිනටයි. අද දිනයේ විවාදය ආරම්භ කරමින් අදහස් දැක්වූයේ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here