සයිනොෆාම් තව තවත් එයි…

0
349

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක තොඟයක් මෙරටට රැගෙන විත් තිබේ.

අද (22) අලුයම 05.30ට පමණ බීජිං නුවර සිට පැමිණි ගුවන් යානා දෙකකින් එම එන්නත් තොගය මෙරට රැගෙන පැමිණියේය

එම එන්නත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිලදී ගනු ලැබූවක් බව සඳහන්ය.

ඒ අනුව ශ්‍රී ලංකාවට ගෙනැවිත් ඇති සමස්ත සයිනොෆාම් එන්නත් ප්‍රමාණය මිලියන 9.1ක් වන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.

අද දිනයේ මෙරටට ලැබුණු එන්නත් ප්‍රමාණයෙන් මාත්‍රා ලක්ෂ 4ක් කුරුණෑගල දිස්ත්‍රික්කයටත් එන්නත් මාත්‍රා 275,000ක් ගාල්ල දිස්ත්‍රික්කයකටත් බෙදා දීමට නියමිතය.

එමෙන්ම මාතර, බදුල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා එන්නත් මාත්‍රා ලක්ෂ 2 බැගින් ද පුත්තලම, පොළොන්නරුව, නුවරඑළිය, මොනරාගල, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලට එන්නත් මාත්‍රා ලක්ෂය බැගින් ද , හම්බන්තොට දිස්ත්‍රික්කයට එන්නත් මාත්‍රා 125,000ක් ද ලබාදීමට සැලසුම් කර ඇතැයි මහාචාර්ය චන්න ජයසුමන මහතා වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම ලබන 26 වනදා තවත් සයිනොෆාම් සහ ෆයිසර් එන්නත් තොගයක් මෙරටට ලැබීමට නියමිත බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here