Sunday, September 22, 2024

මීගමුවේ එන්නත්කරණය 80%ක් අවසන්

මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශය තුළ එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ පළමු මාත්‍රාව ලබාදීම සියයට 80 ක් අවසන් කරයි.

මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශය තුළ එන්නත්කරණය සිදු කළ හැකි වයස් සීමාවේ සිටින සියයට 80 කට වැඩි පිරිසකට පළමු මාත්‍රාව ලබා දී අවසන් කර ඇති බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශය තුළ එන්නත් ලබාගත හැකි පිරිස 102,359 ක් වන අතර ඉන් 82,367 කට කොවිෂීල්ඩ්, සයිනාෆාම් හා ඇස්ට්‍රාසෙනිකා යන් එන්නත් ත්‍රිත්වයෙන් කුමන හෝ එන්නතක් ලබාගෙන ඇත. දෙවන මාත්‍රාව ලබාගෙන ඇති පිරිස 17,100 කි.

සංචාරක හා ධීවර කලාපයක් ලෙස ප්‍රචලිත මීගමුව කොට්ඨාශය තුළ එන්නත්කරණය ඉහළ සාර්ථකත්වයක් අත්කරගෙන තිබීම ඔවුනගේ ආර්ථික කටයුතු හා දෛනික කටයුතු පහසු කරලීම සඳහා වඩා ඉවහල් වනු ඇත.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශය තුළ එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ අදාළ සියලු දෙනාට පළමු මාත්‍රාව ලබා දීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ ලබාදෙන සහයෝගයට ස්තූතිය පුදකරන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles