Sunday, September 22, 2024

නැවත මරණ සහ ආසාදිතයන් වැඩිවේ..

මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 52ක් වාර්තා වී තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ(23) තහවුරු කරන ලද මෙම මරණ අතුරින් 26 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 26 දෙනා කාන්තාවන් වේ.

මියගිය පිරිස අතරින් එක් අයෙකු වයස අවුරුදු 30ට අඩු පුද්ගලයෙකි.

මියගිය පුද්ගලයින් අතර වයස අවුරුදු 30 – 59 අතර වයස්වල පසු වූ මරණකරුවන් 12 දෙනෙකු සිටින අතර ඉතිරි 39 දෙනාම වයස අවුරුදු 60 සහ ඊට වඩා වැඩි වයස්වල පසුවූවන් ය.

මෙරටින් වාර්තාවන ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ආසාදිතයින් ගණන 66ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. අද පැවති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය සේවා ආධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන පැවසුවේ බහුතරයක් කොළඹ මහ නගර සභා සීමාවෙන් වාර්තා වූ බවයි. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles