අබාධ පරම්පරාවක් සමග ශ්‍රී ලංකාව අදත් පිටියට…

0
411

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය අද (27) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩකයින්ගේ ආබාධ තත්ත්වයන් කිහිපයක් හේතුවෙන් දැඩි අර්බුදයකට පත්වී සිටින බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඇගිල්ලක සිදුව ඇති ආබාධයක් නිසා පළමු 20යි 20 තරගය අහිමි වූ භානුක රාජපක්ෂට 20යි 20 තරගාවලියම අහිමි වීමට ඉඩ ඇති පවතින බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

පළමු 20යි 20 තරගයේ දී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක ද පාදයක ආබාධයකට ලක්ව සිටින අතර ඔහු වෛද්‍ය පරීක්ෂණකට ලක් කර ඇති බවත්, එහි වාර්තාව ලැබීමෙන් පසුව ඔහුට ඉදිරි තරග ක්‍රීඩා කළ හැකිදැයි තීරණය කිරීමට නියමිතයි.

පැතුම් නිස්සංක ද පුහුණුවීම් අතරතුර ආබාධයකට ලක්ව ඇති අතර ඔහුට ද ඉදිරි තරග සඳහා ක්‍රීඩා කිරීමට අවස්ථාව අහිමි වීමේ අවධානමක් මතුව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here