Sunday, September 22, 2024

ව්‍යාපාරිකයන්ට තග දමන පාරිභෝගික සේවා අධිකාරිය…

රටේ පාරිභෝගික ද්‍රව්‍ය රැසක් ගැසට් ගත මුදලට වඩා වැඩි මුදලකට විකිණෙයි. එමෙන්ම රටේ විකිණිය නොහැකි යැයි සම්මත දෑ රැසක් පිටකොටුවේ මහ දවාලේ ගජරාමෙට විකුණයි.. බාලවර්ගයේ උපකරණ, ආහාර වර්ග ආදිය ඕනෑතරම් විකුණන තැන් මාධ්‍ය වාර්තා කරනු දැකිය හැකිය. නමුත් ඒවා සම්බන්ධයෙන් පියවර ගැනීමට පාරිභෝගික සේවා අධිකාරියට කොන්දක් නැත!

පසුගිය දවසක අපූරු සිද්ධියක් අපට තලවතුගොඩින් වාර්තා විය. තලවතුගොඩ පිහිටි සුප්‍රකට Gadget Shop නමැති සියලු ආකාරයේ තාක්ෂණික උපාංග සහිත සාප්පුවට ගොඩවැදුණු තරුණියකි. ඇය හොඳ වර්ගයේ Charging Cable එකක් ඉල්ලා සිටි අතර එය අදාළ MRP එකට අනුව සැපයුණි. මසකට පසු පැමිණි ඇය, පෙර මිලදී ගත් කේබලය තමාට අනවශ්‍ය බවත්, තමා අලුත් ජංගම දුරකථනයක් මිලට ගත් බැවින් එයට මෙය නොගැලපෙන නිසා මෙය අනවශ්‍ය බවත්, ඒ සඳහා තමන්ට මුදල් අවශ්‍ය බවත් දන්වා සිටියාය.

වෙළෙඳ පොළේ විකුණන තාක්ෂණික උපාංග වල නිෂ්පාදන දෝෂ සඳහා මාස 6ක වගකීමක් ලබාදීම මෙරට පිළිගත් නීතියයි. නමුත් උපකරණයක් භාවිත කළ පසු එය නැවත භාරගෙන මුදල් ලබාදෙන ආයතන ලංකාවේ නැත. නමුත් විදෙස් රටවල දින 30ක් තුළදී එම භාණ්ඩය මිලට ගත් පරිදිම ඇසුරුම් සහිතව රැගෙන ආවොත් Cash Back වගකීම ලබාදෙයි. භාණ්ඩයේ ඇසුරුම තබා කේබලය පමණක් රැගෙන ආ පාරිභෝගිකයාට එය එම ආයතනය විකුණු භාණ්ඩයම බව සනාථ කරන්නට ඇති සාක්ෂිය කුමක්ද? Serial Numbers, Item Codes ආදිය ඇත්තේ ඇසුරුමෙහිය. බිලේ ඇත්තේ ඇසුරුමේ සඳහන් කාරණාය. කොහෙන් හෝ රැගෙන එක කේබලයකට කිසිසේත් මුදල් ලබා නොදෙන අතර කේබලයේ දෝෂයක් ඇත්නම් අලුත් කේබලයක් ලබා දෙයි.

නමුත් මෙකි පාරිභෝගිකයා එය දැනුම්දුන් පසු ආපසු ගිය අතර දහවල් කාලයේදී සඳලි ජයවර්ධන නමැත්තියක් (077 079 9432 – Trucaller ID) ආයතනයේ හිමිකරු අමතා කරුණාකර ඇයට මුදල් දෙන ලෙසත්, ”අපි කවුද කියල තාම දන්නෑනෙ..ඒකත් දැනගන්න ලැබෙයි.. අපි කියන විදියට මේක සිද්ධ නොවුනෛාත්” යැයි තර්ජනය කර ඇත. එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ආයතනයේ හිමිකරු ”හැකි දෙයක් කරන්න” පවසා ඇත. නැවත හවස් වරුවේ ඇමතූ ඇය ඉතාම ආදරයෙන් පෙරකී තරුණිය පියා අහිමි කෙනෙකු බවත්, මුදල් නැති බවත් ඒ නිසා මුදල් දෙන ලෙසත් ඉතාම කරුණාවෙන් ඉල්ලා ඇත. එවිට හිමිකරු පවසා ඇත්තේ එවැනි තත්ත්වයක් නම් තමාට උපකාර කළ හැකි බවයි.

පසුවදා දහවල අදාළ ආයතනයට කඩා වදින පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් පිරිසක්, කුඩු තිප්පොලක් වටලන්නාක්මෙන් මෙය නාට්‍යානුසාරයෙන් සිදුකර ඇත්තේ පැමිණි පාරිභෝගිකයන් පවා ත්‍රස්ත කරවමිනි. ඉතා පැරණි දුරකථනයක චාජරයක් ඉල්ලා ඇති අතර නොවිකිණී ඉතිරි වූ 2 Pin Charger එකක් ලබා දී ඇති අතර එවිට මේවා විකිණීමට තහනම් බවකියා ආයතනයට එරෙහිව ක්‍රියාමාර්ග ගෙන ඇත.

එවැනි තහනම් වර්ගයේ උපකරණ 2018 දී නීතියක් පැණවූ අතර ඒවා නැවත ආනයනය තහනම් අතර පැරණි තොග විකිණීමට කාලයක්ද ලබා දුනි. නමුත් වසර දෙකක් තිස්සේ රට වසා ඇති සමයක එවැනි පැරණි තොග ඕනෑතරම් මෙරට නොවිකිණී ඉතිරි වී ඇත. පිටකොටුවේ සියලුම දුරකථන උපාංග අලෙවිසැල් වල පසුගිය සතියේ ගෙන්වූ 2 Pin Charger පවා විකිණීමට ඇත. අලුත්ම MI දුරකථන සඳහා අදාළ සමාගම විසින් එවනු ලබන්නේද 2pin Charger එකකි. ඊට අදාල සේයාරුවක් මෙහි පළ කර ඇත.

එතින් පාරිභෛා්ගික සේවා අධිකාරියේ කර්තව්‍යය වන්නේ තම හිතවතුන්ගේ වැඩ පිණිස කඩා වැදී ආයතන අපහසුතාවට පත්කිරීමද නැතිනම් සැබැවින්ම අපහසුතාවයට පත්වූ සාධාරණ සිදුවීම් ගැන පරීක්ෂණ පැවැත්වීමද යන්න අපට තේරුම් ගත නොහැක. මෙසේ බලය අවභාවිත කොට කරන නීතියට පිටින් සිදුවන මෙවැනි වැටලීම් හරහා රටේ ව්‍යාපාරික ප්‍රජාව දැඩි අපහසුතාවයකට ලක්වෙයි. එබැවින් මේ පිළිබඳ අදාළ බලධාරීන්ගේ අවධානය යොමුවනු ඇති බව අපේ විශ්වාසයයි..

2021 ජුලි මස විකිණීමට ඇති MI Mobile Phone Chargers මෙය දුරකථනය සමග එන උපංාගයයිත

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles