ජීවන්තගේ කතාව

0
377

ගලෙන්බිඳුණුවැව, කලුගොල්ලාගම 13 හැවිරිදි ජීවන්ත රත්නායක දරුවා 2015 වසරේදී ගම්මැද්ද ප්‍රාදේශීය මණ්ඩපයට කියූ ඔහුගේ කතාව කාගෙත් හදවත් කම්පාවට පත් කළේ ය. එය මීට පෙර CIA මගින් පළමු වරට අනාවරණ කළේය.

පසුව මේ දරුවා අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතාට හමු වී තිබූ අතර ඔහු දරුවා පිළිබඳව සිය මව වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට දන්වා තිබුණි.

මේ පිළිබඳව සංවේදී වූ ශිරන්ති රාජපක්ෂ මහත්මිය වහා මැදිහත් වූ පුංචි ජීවන්ත මෙරට දක්ෂතම අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන් වෙත යොමු කිරීමට පියවර ගත්තා ය.

ජීවන්තට ඇසක් බද්ධ නොකරම එක් ඇසකට පෙනීම ලබා දීමට වෛද්‍යවරුන්ට මේ වනවිට හැකි වී තිබේ.

අග්‍රාමාත්‍ය බිරිඳ ඒ වෙනුවෙන් සියලු වියහියදම් දැරූ අතර ජීවන්ත අද අරලිගහ මන්දිරයට පැමිණ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණේ ලෝකය දකින්නට ඔහුට ලැබුණු අවස්ථාව ගැන කෘතවේදී වෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here