අගෝස්තුවේදී බස් රථවල යා හැක්කේ එන්නත් කළ අයට පමණලු!

0
379

ලබන අගෝස්තු මාසයෙන් පසු කොවිඩ් මර්දන එන්නත් දෙකම ලබාගත් පුද්ගලයින් පමණක් බස් රථවල රැගෙන යාමට අවශ්‍ය ක්‍රමවේදයක් සකසන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ එන්නත් දෙකම ලබාගත් පුද්ගලයින් හදුනාගත හැකි හැදුනුම්පතක් නිකුත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි. එමෙන්ම එන්නත් දෙකම ලබාගත් පුද්ගලයින්ට බස් රථ මගින් පළාත් අතර  ගමන් කිරීමට ඉඩ ලබාදෙන ලෙසද බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ගැමුණු විජේරත්න වැඩි දුරටත් සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here