ආසාදිතයින් 2300යි මරණ 66යි..

0
609

ඊයේ (29) දිනය තුළ කොවිඩ් මරණ 66ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 4,324ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පෙරේදා (28) සිදුව ඇති එම කොවිඩ් මරණ 66න් 25 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 41දෙනා පිරිමි පුද්ගලයින් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

මියගිය පුද්ගලයින්ගෙන් 17 දෙනෙක් අවුරුදු 30 – 59ක් අතර පුද්ගලයින් බව සෞඛ්‍ය අංශ පවසති.

සෙසු පුද්ගලයින් 46දෙනා අවුරුදු 60 සහ ඊට වැඩි අය වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here