කලකට පසුව අමතකව තිබූ ශූරතාවයක් ශ්‍රී ලංකාවට හිමිවේ..

0
397

ඉන්දියාවට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 2 – 1ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය. වනිඳු හසරංග උපන් දිනයදා වාර්තාවක් ද තබමින් ඉන්දියාවට එරෙහි T20 තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට ගෙනදෙයි!

ඒ්, තුන්වැනි තරගයේදී ඉන්දියාවට එරෙහිව කඩුලු 07ක පෙරලිකාර ජයක් ලැබීමත් සමගිනි.

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ඉන්දියාව ප්‍රථමයෙන් පන්දුවට පන්දුවට පහර දීමට තීරණය කළේය.

නමුත් ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 81ක් පමණි.

මෙය ඉන්දීය කණ්ඩායමක් පන්දුවාර 20යි 20 තරගයකදී තුන්වැනියට රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාව වේ.

අදට යෙදී තිබූ සිය 24වැනි උපන් දිනයදා විශිෂ්ට අයුරින් ක්‍රීඩා කළ වනිඳු හසරංග පන්දුවාර 4 තුළ ලකුණු 09ක‌ට කඩුලු 04ක් දවා ගැනීමට සමත් විය.

එය පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී සිය උපන් දිනය දා ක්‍රීඩකයෙකු වාර්තා කළ හොඳම පන්දු යැවීම ලෙස ද හැඳින්විය හැකිය.

මීට පෙර ලකුණු 21කට කඩුලු 4ක් දවා ගනිමින් දකුණු අප්‍රිකාවේ ඉම්රාන් තහීර් එම වාර්තාව පිහිටුවා තිබුණි.

ධවාන් ලකුණු නොලබා පිටියෙන් ඉවත් විය.

කුල්දීප් යාදෙව් ලකුණු 23ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 14යි පන්දු 3ක් අවසානයේදී කඩුලු 03ක් පමණක් දැවී තිබියදී ලකුණු 82ක් ලබා ගනිමින් ජයග්‍රාහී ඉලක්කය පසු කළේය.

ධනංජය ද සිල්වා ලකුණු 23ක් ලබා ගත්තේය.

මිනෝද භානුක ලකුණු 18ක් ලබා ගත් අතර වනිඳු හසරංග නොදැවී ලකුණු 14ක් ලබා ගැනිමට සමත් විය.

තරගයේ සහ තරගාවලියෙ වීරයා සම්මානය වනිඳු හසරංගට හිමිවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here