ගෙදරින් ගිය පුතා සිරිපාදේ ගිහින්! දවස් 7කට පසු රත්නපුර අතුරැදහන්ව සිටි 14 හැවිරිදි පාසල් සිසුවා කුරැණෑගල දී සොයා ගැනේ

0
402

දින 7ක් පුරා අතුරුදන්ව සිටි රත්නපුර, මලංගම, ආටිගල මාවතේ පදිංචි 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන නුවන්ත ලක්ෂාන් අබේරත්න නැමැති 14 හැවිරිදි පාසල් සිසුවා අද (01) දින කුරුණෑගලදී පොලිසිය විසින් සොයාගෙන ඇත.

මෙම දරුවා නිවෙසින් බැහැරව ශ්‍රීපාද ප්‍රදේශයට ගොස් ඇති බව වාර්තා වී තිබේ.

මෙම දරුවාගේ පියා පොලිස් සැරයන්වරයකු වන අතර නිවෙසින් බැහැරව යන විට රුපියල් 20,000ක මුදලක් රැගෙන ගොස් ඇති බවද දැනගන්නට ඇත.

මෙම පාසල් සිසුවා ඉකුත් 24 වන දා සිට අතුරුදන්ව ඇති බව දෙමාපියන් විසින් පොලීසියට පැමිණිල්ලක් ද කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here