ඇස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාව රටපුරා… දෙන තැන් මෙන්න…

0
530
කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල ජනතාවට ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබා දීම අද(01) උදෑසන සිට ආරම්භ විය.

සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂයෙන් අවධාරණය කළේ ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබාගත් සියලුම දෙනා දෙවන මාත්‍රාව ලබා ගන්නා තුරු ස්ථාන 20 කට අධික ප්‍රමාණකදී එය ලබාදෙන බවය.

එමෙන්ම ”කාඩ්පත නොමැති අයට අපි ඇත්තටම එන්නත ලබාදෙන්න කටයුතු කරනවා ඒ ගැන ගැටලුවක් නැහැ. නමුත් කාඩ්පත නැවත නිකුත් කිරීම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් සිදු කරගන්න සිද්ධ වෙනවා මොකද මේ අවස්ථාවේ ඒ සඳහා පහසුකම් අප මේ ස්ථානයේ සලසන්නේ නැහැ” යනුවෙන්ද එම අවස්ථාවේ යුද හමුදා නිවාරණ හා මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය කර්නල් සවීන් සේමගේ මහතා පැවසුවා.

මාත්‍රා ප්‍රමාණවත් නම් පළමු මාත්‍රාව පවා මෙහිදී ලබාගත හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here