දිල්රුක්ෂි-සේනාධිපති හඬපටය බොරු….! දිල්රුක්ෂි නැවත සේවයේ පිහිටුවන්න නියෝග…!

0
343

අල්ලස් දූෂණ කොමිසමේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් හා හිටපු සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සහ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති අතර සිදු වූ බව කියා ප්‍රසිද්ධියට පත්කළ දුරකථන සංවාදය සංස්කරණය කරන ලද්දක් බව පරිපාලන අභියාචනා විනිශ්චය සභාව තහවුරු කර තිබේ.

අදාළ සංවාදය හේතුවෙන් දිල්රුක්ෂි වික්‍රමසිංහගේ වැඩ තහනම් කර අනිවාර්ය නිවාඩු යැවීමට ලක් කරනු ලැබ තිබිණි.

මෙම තත්ත්වය මත එම වැඩ තහනම් කිරීමේ නියෝගය අහෝසි කරන ලෙසත් වහා රාජකාරී කටයුතු ආරම්භ කිරීමට අවසර දෙන ලෙසත් දන්වා ඇත. කෙසේ වුව ද අදාළ තීන්දුව ලැබෙන විට දිල්රුක්ෂි ඩයස් පසුගිය ජුලි 30 වන දා විශ්‍රාම ගැනීමට නියමිතව තිබිණි.

මේ අතර තමනට මෙම හඬපට සිදුවීම නිසා සිදු වූ හානිය වෙනුවෙන් රුපියල් බිලියන 2 ක මුදලක් වහාම ගෙවන්නැයි දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ විසින් නිශ්ශංක සේනාධිපති වෙත එන්තරවාසි ලිපියක් යවා තිබේ. අදාළ හඬපට තමන් සංස්කරණය කළ බව නිශ්ශංක සේනාධිපති ද පිළිගෙන තිබිණි

Emanisa.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here