මහනුවර යෝජිත කේබල් කාර් ව්‍යාපෘතියේ ශක්‍යයතා අධ්‍යයනයට අවසර

0
412

මහනුවර නගරයේ වාහන තදබදයට මෙන්ම පරිසර දූෂණය අවම කිරීම උදෙසා යෝජිත කේබල් කාර් ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යයනයට අවසර හිමිව තිබේ.

 ප්‍රංශ ආධාර යටතේ සිදුකිරීමට නියමිත මෙම ව්‍යාපෘතිය පිළිබඳව සාකච්ඡාවක් මෙරට ප්‍රංශ තානාපති එරික් ලවෙර්ටූ සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ යන මහත්වරුන් අතර පෙරේදා ද පැවති බව ආණ්ඩුකාර කාර්යාලය සඳහන් කළේය.

ඒ අනුව, මෙම ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යයනය සඳහා පමණක් රුපියල් මිලියන 30 ක පමණ ආධාර මුදලක් ලබා දීමට ප්‍රංශ රජය එකඟතාව පල කර ඇති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ ප්‍රකාශ කලේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here