හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව සැප්තැම්බර් මස 15 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඊයේ (02) නියෝග කළේය. 2016 වසරේදී තරුණයෙකු රිය අනතුරකට ලක් කිරීමේ සිද්ධියට අදාළ කරුණු වසන් කර අසත්‍ය සාක්ෂි නිර්මාණය කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් පාඨලී චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එම නඩුව ගොනු කර තිබේ.