ලංකාවේ තෙල් ගවේෂණ බිම් කොටස් සිතියම ප්‍රකාශයට

0
357


බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් ශ්‍රී ලංකාවේ ඛණිජ තෙල් සම්පත් ගවේෂණ හා සංවර්ධන බලපත්‍ර ප්‍රදානය කිරීම සහ ඒකාබද්ධ අධ්‍යයන සඳහා වන ඛනිජ තෙල් සම්පත් ගවේෂණ බිම් කොටස් හි දළ සටහනක් දැක්වෙන සිතියම මහජනතාවගේ දැනගැනීම සඳහා 2021 ජූලි 22 දා ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර ඇත.
දැනට ශ්‍රී ලංකාව සතු මුහුදු සීමාවේ තෙල් හා ගෑස් නිධි ඇති බවට හඳුනාගෙන ඇති ස්ථාන සහ ගවේෂණය කළ යුතු ස්ථාන ආවරණය වන පරිදි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය විසින් මෙම සිතියම් නිර්මාණය කර ඇත.
කිලෝමීටර් 15 x 15 කුඩා බිම් කොටස් ඇතුළු බිම් කොටස් 873 කින් මෙම සිතියම සමන්විත වේ.
ඒ අනුව ආයෝජකයන්ට තමන්ට අවශ්‍ය බිම් කොටස් වඩාත් පහසුවෙන් තෝරාගෙන සිය ගවේෂණ කටයුතු සිදුකිරීමට මෙමගින් අවස්ථාව හිමිවේ.
ආයෝජකයන්ට වඩාත් පහසු හා ආකර්ෂණීය වන අයුරින් නිර්මාණය කර ඇති මෙම නව සිතියම් සමග කාවේරි ද්‍රෝණිය, ලංකා ද්‍රෝණිය හා මන්නාරම් ද්‍රෝණිය යන ද්‍රෝණි තුනේම ඛනිජ තෙල් ගවේෂණ කටයුතු වඩාත් වේගවත් වනු ඇත.
එමෙන්ම මෙම නව සිතියම් දැනටමත් විදෙස් ආයෝජකයින්ගේ අවධානය දිනා ගෙන ඇතැයි බලශක්ති අමාත්‍යාංශය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here