කොරෝනා එන්නත් කාඩ්පත ජාතික හැදුනුම්පත සේ අනිවාර්ය කරයි..

0
380

ඉදිරියේදී විවිධ උත්සවයන්ට සහභාගිවීම සඳහා කොරෝනා එන්නත් කාඩ්පත අනිවාර්යයෙන් අවශ්‍ය වනු ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන පුද්ගලයන්ට ඉදිරියේ දී ප්‍රශ්න රැසකට මුහුණ පෑමට සිදුවනු ඇතැයිද ඔහු පවසයි.

ජාතික පෞද්ගලික හැඳුනුම්පතට අමතරව ඕනෑම පුද්ගලයෙකු කොරෝනා එන්නත ලබා ගැනීමේ කාඩ් පත ළඟ තබා ගැනීම ඉදිරියේ දී ඉතා වැදගත් වනු ඇති බව ද ඔහු පෙන්වා දෙයි.

එන්නත ලබාගැනීම ප්‍රතික්ෂේප කරන අය පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් සහ පොලිසියට දැනුම් දෙන ලෙස ද ඔහු ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here