ඔක්සිජන් නොමැති වීම නිසා සිදුවන කොවිඩ් මරණ ඉදිරියේදී සිදුවෙයි – විශේෂඥ වෛද්‍යවරු කියති !

0
436

කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයේ වැඩිවීමත් සමග ඔක්සිජන් අවශ්‍ය වන රෝගීන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමට ඇති හැකියාව තවත් දින කිහිපයකින් ඉක්මවා යනු ඇති බවත් මෙවැනි භයනාක ත්ත්වයක් හමුවේ රටේ කොවිඩ් සම්බන්ධ නීති රීති ලිහිල් කිරීම ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් බවත් ශ්‍රි ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

මේ වනවිටත් ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ සංඛ්‍යාව දරාගත නොහැකි මට්ටමට පැමිණ ඇති බව පෙන්වා දෙන විශේෂඥ වෛද්‍යවරුන් එම ධාරිතාව තවත් දින කිහිපයක් තුළ ඉක්මවා යනු ඇති බවට අනතුරු අඟවයි.

මේ සම්බන්ධයෙන් අද විශේෂ නිවේදනයක් නිතුක් කළ ශ්‍රි ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය එම නිවේදනය මඟින් මෙසේද සඳහන් කරයි

ඔක්සිජන් ඉල්ලුම වැඩිවීමත් සමඟ එම පහසුකම් සැපයුම දින කිහිපයක් තුළ ඉක්මවා යනු ඇත. ඒ නිසා ඔක්සිජන් නොමැතිකම හෝ රෝගියාට අවශ්‍ය මොහොතේ රෝගියාගේ ඇඳ අසළට ඔක්සිජන් ලබා දීමට අවශ්‍ය පහසුකම් සහ තාක්ෂණික යාන්ත්‍රණයක් නොමැති වීම මරණ වැඩි විය හැකිය.

Ceylon News Factory

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here