ආසන සංඛ්‍යාව ඉක්මවා මඟීන් රැගෙන යන බස් රථවලට අද සිට වැඩ වරදී

0
331

ආසන සංඛ්‍යාවට වඩා මගීන් රැගෙන යන බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් අද සිට අත්අඩංගුවට ගන්නා ලෙස තමන් පොලිස්පතිවරයාට දැනුම්දුන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

දුම්රිය හි පවතින තදබදය මග හැරවීම සඳහාද කඩිනමින් තීරණයක් ගන්නා බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

කාර්යාල වේලාවන්හිදී ප්‍රමාණවත් පරිදි දුම්රිය ධාවනය නොවන බව දක්නට තිබේ.

ඒ සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා කියා සිටියේ ලබන සඳුදා සිට දැනට ධාවනය වන දුම්රිය ප්‍රමාණය 50% කින් වැඩි කිරීමට පියවර ගන්නා බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here