අන්තරේ විරෝධතාවයේදී තුවාල ලැබූ මහරගම OIC ගේ ඇගිලි 02 කට බරපතලයි

0
370

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පාර්ලිමේන්තු සංකීර්ණය ආසන්න ප්‍රදේශයේ පැවැත්වූ විරෝධතාවය අතරතුර තුවාල ලැබීම හේතුවෙන් මහරගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රෝහල් ගත කර තිබෙනවා.

පොලිස් අණ නොතකා මාර්ග බාධක පෙරළා දමමින් උද්ඝෝෂකයින් ඉදිරියට පැමිණි අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

අනතුරෙන් මහරගම පොලිස් ස්ථානාධිපතිවරයාගේ ඇගිලි දෙකකට පූර්ණ වශයෙන් හානි සිදුවී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙශ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here