ශ්‍රී ලංකාවෙන් ඊයේ දිනයේදී තවත් කොවිඩ් ආසාධිතයන් 2450 දෙනෙකු හඳුනාගනු ලැබුවා.ඒ අතරින් වැඩිම පිරිසක් මාතලේ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.
ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 316,219 ක්.
දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 28,878 ක්.
මේ අතර මෙරට කොරෝනා වෛරස් ආසාධිතයන් අතුරින් සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 282,770 දක්වා ඉහළ ගියා.
මේ අතර මෙරට මුලු කොවිඩ් මරණ සංඛ්‍යාව 4645 දක්වා ඉහළ ගියා.
ඒ ඊයේ (03) දිනයේදී තවත් මරණ 74 ක් තහවුරු වීමත් සමගයි.
ඉන් මරණ 56 ක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර මරණ 17 ක් වයස අවුරුදු 30 ත් 59 ත් අතර අය වනවා.
වයස අවුරුදු 30 ට අඩු අයෙක්ද ඊයේ වාර්තා වූ මරණ අතර වනවා