තරුණ ජනමාධ්‍යවේදියෝ “සංඝදාසයේ චූටි කලිසම“ අඳියි – දවස මාර්තු 5

0
850

අසංක සායක්කාරගේ නිර්මාණයක් වන සංඝදාසගේ චූටි කලිසම නාට්‍යයේ විශේෂ දර්ශනයක් 2016 මාර්තු 5 දිනයේ බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර්හිදී වේදිකාගත වෙයි. 3.30 සහ 7.00 දර්ශනවාර දෙකක් ලෙසින් සවිධානය කර ඇති මෙම විශේෂ නාට්‍ය දර්ශනවාරය ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් සංවිධානය කර ඇත.

එදින 3.30 දර්ශනය අවසාන වීමෙන් පසුව රාත්‍රී දර්ශනවාරයට පෙර නාට්‍යය පිළිබඳව විවෘත සංවාදයක් පැවැත්වීමට නියමිතය. ලූෂන් බුලත්සිංහල, බූපති නලින් වික්‍රමගේ, කෞෂල්‍ය කුමාරසිංහ ඇතුළු පිරිසක් සංවාදයට සහභාගී වීමට නියමිත අතර සංවාදය මෙහෙයවනු ලබන්නේ විමල් කැටිපෙආරච්චි විසිනි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලුවක් ආශ්‍රයෙන් ප්‍රහසනයක් ලෙස නිර්මාණය කර ඇති මෙම නාට්‍යයෙහි ප්‍රධාන චරිත සඳහා ජගත් චමිල හා ලංකා බණ්ඩාරණායක රංගනයෙන් එක්වෙයි. ජනමාධ්‍ය, පොලීසිය, සෞඛ්‍ය සේවය, වෘත්තීය සමිති වැනි වර්තමාන සමාජයේ විවිධ ඒකක හැසිරෙන ආකාරය හාස්‍යමය ස්වරූපයෙන් නාට්‍යයට පාදක කරගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here