විසඳුමක් ලැබෙන තුරු ගුරැ වෘත්තීය සමිති අරගලය අඛණ්ඩව

0
412

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලුවට එළැඹෙන අයවැයේදී විසදුමක් ලබා දෙන බවට ආණ්ඩුව කල ප්‍රකාශය සම්බන්ධයෙන් කිසිසේත් එකග නොවන බව ගුරු වෘත්තීය සමිති පවසනවා.

ඒ හේතුවෙන් මේ සදහා විසඳුමක් ලැබෙන තුරු  අරගලය ඉදිරියටත් අඛණ්ඩව සිදුකරගෙන යන බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා නිවුස් රේඩියෝවට කියා සිටියේ.

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත් කල පාසල් ගුරුවරුන් සේවයට කැදවීමේ චක්‍රලේඛය වහාම ඉවත් කරගන්නා ලෙස ද ජෝසෆ් ස්ටාලින් මහතා අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කළා.

වැටුප් විෂමතාවට විසදුම ලබන අයවැය හරහා ලබා දීමේ ආණ්ඩුවේ තීරණය අනාගත පොරොන්දුවක් පමණක් බව ලංකා ගුරු සේවා සංගමය පවසනවා.

එහි ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පෙන්වා දෙන්නේ ආණ්ඩුවේ එවැනි තීරණ විශ්වාස කළ නොහැකි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here