චීනයට වඩා ලංකාවෙි කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළට

0
343

මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව, කොරෝනා වෛරස් ව්‍යාප්තිය ආරම්භ වූ චීනයේ සිදුවූ මරණ සංඛ්‍යාව ඉක්මවා ගොස් ඇත.

පෙරේදා දිනයේ දී, තවත් කොරෝනා මරණ 74ක් තහවුරු කිරීමත් සමග, මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 4,645 දක්වා ඉහළ ගියේ ය.

ඒ අනුව, ඊයේ දිනයේ දී මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව, කොරෝනා වසංගතය මූලාරම්භ වූ මහජන චීනයේ සිදු වූ මරණ සංඛ්‍යාවද ඉක්මවා ගියේ ය.

මහජන චීනයේ සිදුව තිබුණු සමස්ත මරණ සංඛ්‍යාව 4,636 කි.

එම මරණ සංඛ්‍යාවෙන් අති බහුතරය, එනම් මරණ 4,512 ක්ම සිදුව ඇත්තේ, වූහාන් නගරය අයත් හුබෙයි ප‍්‍රාන්තය තුළයි. මහජන චීනයේ අගනුවර වූ බීජින් වල සිදුව තිබුණු මරණ සංඛ්‍යාව 09 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here