ත්‍රිපිටක සංරක්ෂණ පණත යනුවෙන් ඉදිරියේදී ක්‍රියාත්මක වන්නට නියමිත පණත් කෙටුම්පතක් සම්බන්ධව විද්වත් අදහස් ලබාගැනීම පිණිස වූ රැස්වීමක් අද දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී එහි කැඳවුම්කරු ආචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
එහිදී මෙම රැස්වීම වෙනුවෙන් එක්ව සිටි භික්ෂූන් වහන්සේ ගණන පනහකටත් අඩු වූ අතර ගිහි විද්වතුන් ගණන දහයකට නොඅඩු විය. සති අන්ත පුවත්පතක දැන්වීමක් පළ කිරීමෙන් පසු සහ පණත මහජනතාව වෙනුවෙන් මුදාහැර දින තුනකට පසු කඩිමුඩියේ මෙවැනි පණතක් හදිසියේ ක්‍රියාත්මක කරන්නට කටයුතු යොදන්නේ ඇයි දැයි බෞද්ධ සමාජයේ සැකයක් ඇතිවී ඇත.
උත්තරීතර මහනායක හිමියන් දෙපළ විසින්ම මේ සාකච්ඡාව වර්ජනය සහ ප්‍රතික්ෂේප කර ඇති අතර මේ අර්බුදකාරී අවස්ථාවක රට මුහුණපා සිටියදී මෙවැනි පණතක අවශ්‍යතාව කුමක්ද යන්නත්, මෙය වහා ප්‍රමාද කරන ලෙස ජනාධිපතිවරයාට ලිපියකින් දැනුම්දී ඇති බවත් උන්වහන්සේ ලිපියකින් දන්වා තිබිණ.
මෙවැනි බෞද්ධයන්ට ඍජුව බලපාන පණතක් සම්බන්ධයෙන් හැංගි හොරා කරන මේ නාඩගම දෙස ගිහි පැවිදි උගතුන් පිළිකුලෙන් යුතුව සමාජ මාධ්‍ය වල අදහස්දක්වනු දැකිය හැකි විය.