Saturday, November 16, 2024

CIA පුවත පළදරයි… ‘මහවැව’ ගැන බලධාරීන්ගේ ඇස් ඇරෙයි..!

පසුගිය සතියේ අප විසින් වාර්තා කරන්නට යෙදුණු, දඹුල්ල අවුඩංගාව මහවැවේ ප්‍රතිසංස්කරණයන්ට ඊට අදාල කොන්ත්‍රාත්කරු විසින් අකුල් හෙළීමත් ගම්මුන්ට අහස්දිය රැස් කර තිබූ වැවේ වතුර අහිමිවීමත් ඔබ දැනටමත් දන්නවා ඇති.

ඊයේ පළාත් සහකාර ගොවිජන සේවා කොමසාරිස්තුමිය සහ එකී සියලු පාර්ශව අතර පැයකට අධික කාලයක් පැවැති සාකච්ඡා වලින් අනතුරුව, වැව සඳහා සම්මත වූ මුදල ලක්ෂ 86ක් බවත්, ඒ අනුව ගොවීන්ගේ ඉල්ලීම් ප්‍රමුඛව සලකමින්, අතිරික්ත මුදලත් වෙතොත් අනෙකුත් කටයුතු සඳහා යොදාගැනීමට එකඟතාවක් ඇති විය.

එහිදී ගමේ ගොවි සමිති සාමාජිකයින් හා එක්ව වැවේ තාක්ෂණික කටයුතු ගැන අවබෝධය ඇති ඉංජිනේරු මහතුන්ගේ ස්වේච්ඡා දායකත්වය ඇතිව ගමේ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි වඩා විධිමත්ව හා සකසුරුවම් ලෙස සිදුකිරීමට තීරණය වී ඇත.

CIA අප මේ සියලු හඩපට වලට සවන්දෙමින්, අපේ වාර්තාකරුවන්ගේ වාර්තා නිරීක්ෂණය කරමින් සිටින්නේ මේ ක්‍රියාවලිය විධිමත් ලෙස සිදුවන්නේදෙ යන්නයි. මක්නිසාද යත් බොහෝ විට සිදුවන්නේ සාකච්ඡා වල තීරණ ඈලියාවට යාමත්, මුදල් යම් අයෙකු මංකොල්ලකෑමත් ය…

අපි සීරුවෙනි. මේ පිළිබඳ උනන්දුවක් දැක්වූ සියලු පාර්ශව වලට සහ සහකාර කෘෂිකර්ම කොමසාරිස් තුමිය ඇතුළු කාර්ය මණ්ඩලයට අපේ ස්තූතිය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles