මේ වනවිට රටේ පවතින තත්ත්වය අනුව දෛනිකව හඳුනාගන්නා කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව සැබෑ ප්‍රමාණය නොවන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උප සභාපති, විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා පවසයි .
වෛද්‍ය සුමනතිලක මහතා පෙන්වා දෙන්නේ වත්මන් තත්ත්වය අනුව පෙනෙන්නට ඇත්තේ එන්නත්කරණය අතර තුර එය පරදවමින් ඊට ඉදිරියෙන් වෛරසය දිනන තත්ත්වයක් බවයි.
සෑම පැයකටම තිදෙනෙකු වැනි ප්‍රමාණයක් මිය යන තත්ත්වයක් ඇතිවී තිබෙන බවයි විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිකල මහතා සඳහන් කරන්නේ.
“මේ ආසාදිතයින් 2,000 ගණන මම විශ්වාස කරන්නේ නෑ. ඒ ගාන නෙමෙයි හරි ගාන. ඒ ගණන ලැබෙන්නේ අපි කරන PCR ප්‍රමාණය අනුව නේ. ඒ දවස්වල PCR 20,000ක් බලනකොටත් 2,000, 3,000 තිබුණා. දැන් PCR 10,000කින් 12,000කින් තමයි මේ ගාන එන්නේ. අනික මේ ඩෙල්ටා ප්‍රභේදය 10 දෙනෙකුට විතර ශීඝ්රයෙන්යෙන් පැතිරෙනවා. එතකොට යම් ප්‍රතිශතයක් පොසිටිව් වෙනකොට තව ඒ වගේ පස් ගුණයක්, හය ගුණයක් සමාජයේ ඉන්න පුළුවන්. හැබැයි ඒක අපි නොදැන. දැන් මේ 4 වෙනි රැල්ලක් තත්ත්වයක තමයි අපි ඉන්නේ. එන්නත්කරණය අතරේ ඊට ඉදිරියෙන් වෛරසය දිනන තත්ත්වයක් තමයි දැනට පේන්නේ.” යි ඔහු පවසනවා.
“දවස් පතා මිය යන ප්‍රමාණය බලන්න. සෑම පැයකටම තුන්දෙනෙක් වගේ ප්‍රමාණයක් මිය යනවා. අන්න එහෙම හිතලා බලන්න මේකෙන් ඇතිවෙන බලපෑම. වෛරසය සහ එන්නත්කරණය අතර තිබෙන තරගයෙන් අපි ජය ගන්න අවශ්‍ය නම් ඉතා කෙටි කාලයකට පුළුවන් ආකාරයෙන් සංචරණ සීමා පැනවීම තමයි එකම පිළිතුර.” යි ඔහු පවසනවා.