ආසාදිතයින්ට නිවසේ සිට ප්‍රතිකාර ගැනීමට පියවර

0
305

සංකූලතා නොමැති කොවිඩ් ආසාදිත රෝගීන්ට නිවෙස් තුළම සිට ප්‍රතිකාර ලබා ගැනීමට හැකි වන පරිදි කටයුතු සූදානම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

මෙම ක්‍රමය මේ වන විට බස්නාහිර පළාත තුළ පමණක් ක්‍රියාත්මක වුවත් ලබන 09 වනදා සිට දිවයින පුරා ක්‍රියාත්මක කිරීමටයි ඔවුන් බලාපොරොත්තු වන්නේ.

සීඝ්‍ර ලෙස කොවිඩ් ව්‍යාප්ත වීම හේතුවෙන් ආසාදිතයින් ඉහළ යාම නිසා රෝහල් ආශ්‍රිතව ගැටලු පැනනැගීම නිසා මෙම තීරණය ගත් බවයි ඔවුන් වැඩිදුර කරුණු ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පළාත් හා දිස්ත්‍රික්ක සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන් සහ රෝහල් ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් යොමු කරමින් එම ක්‍රියාවලිය සිදුවන අන්දම පැහැදිලි කර තිබෙනවා.

(colombotimes.lk)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here