රාජ්‍ය සේවය සඳහා කාර්යමණ්ඩල කැඳවීමේදී අනුගමනය කළයුතු ක්‍රමවේදය නැවත වරක් සංශෝධනය කෙරේ

0
300

රාජ්‍ය සේවය සඳහා කාර්යමණ්ඩල කැඳවීමේදී අනුගමනය කළයුතු ක්‍රමවේදය නැවත වරක් සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව ලබන සඳුදා (09) සිට කාර්යාල සඳහා කැඳවිය යුත්තේ සේවයට අත්‍යවශ්‍ය පුද්ගලයින් පමණයි.

කාර්යාලයට එකවර කැඳවන සේවකයින් ප්‍රමාණය තීරණය කිරීමේ බලය ආයතන ප්‍රධානියාට හිමිවන බවයි යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ.

මේ අතර රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සියලුම රාජ්‍ය උත්සව ද සැප්තැම්බර් 01 වනදා තෙක් කල්දැමීමට තීරණය කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here