විරෝධතා ව්‍යාපාර නවත්වන්න…! – වි.වෛද්‍ය සංගමය

0
315
ජාතියේ සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා විරෝධතා ව්‍යාපාරය තාවකාලිකව අත්හිටුවන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී.

ඩෙල්ටා ප්‍රභේදය රට තුළ වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින මොහොතේ මේ තත්ත්වය පාලනය කිරීම සඳහා යම් යම් සීමා පැනවිය යුතු බව ද රජයට දැනුම් දී ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමය පෙන්වා දෙන්නේ, මේ හේතුවෙන් විශාල වශයෙන් ඒකරාශි වී පවත්වනු ලබන උද්ඝෝෂණ මෙම රෝගය පැතිරීමට ඉවහල් විය හැකි බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here