කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තදබදයක්

0
1303

ඉහළ කොවිඩ් ව්‍යාප්තියත් සමඟ මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් රැසක ද ධාරිතාව ඉක්මවා ගොස් තිබෙන බව වාර්තා වනවා.

මේ හේතුවෙන් ආසාදිතයින් ඇතුළත් කරගැනීම අත්හිටුවීමට සිදුව තිබෙන බවයි පෞද්ගලික රෝහල් කිහිපයකම ප්‍රකාශකයින් සඳහන් කළේ.

එමෙන්ම ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තිය ඉදිරියේ දී තවදුරටත් ඉහළ යා හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

මේ වන විට වාර්තා වන ආසාදිතයින්ගෙන් සියයට 20 ත් 30ත් අතර ප්‍රමාණයක් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතවූවන් බවයි අද පැවති මාධ්‍ය හමුවක දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ.

මේ අතර කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තදබදයක් පවතින බවද වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් එම රෝහලේ හෙද නිලධාරිණි පුෂ්පා රම්‍යාණි ද සොයිසා මෙනවිය තැබූ සටහන ඇතුළු කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේ තත්ත්වය ඇතුලත් ඡායාරූප කිහිපයක් පහතින්…(colombotimes.lk)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here