අනියම් ඇසුර නිසා එකම ගෙදර මළ සිරුරු තුනක්

0
357

ගල්ගමුව මහනාන්නේරිය ප්‍රදේශයේ නිවසක තිබී පුද්ගල මළ සිරුරු 03 ක් අද  සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 28 ක විවාහක කාන්තාවක්,ඇගේ දස හැවිරිදි පුත්‍රයා සහ ඇගේ 28 හැවිරිදි අනියම් සැමියා බව කියන පුද්ගලයා බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

නිවස තුළ ඇති වූ කිසියම් ආරවුලක් හේතුවෙන් කාන්තාවගේ අනියම් සැමියා කාන්තාව සහ දරුවා ඝාතනය කර ඔහු ද සිය දිවි හානි කරගෙන ඇති බවට සැක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Neth Gossip

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here