සතොසෙන් බටර් හොරකම් කළ පුද්ගලයෙක්ට වෙඩි

0
379

කළුතර – බඩු ගබඩා පාරේ පිහිටි සතොස ශාඛාවෙන් රුපියල් 1360 ක් වටිනා බටර් පැකට් දෙකක් සොරකම් කළැයි සැකකෙරෙන පුද්ගලයෙකු හට දකුණු කළුතර පොලිසිය වෙඩි තබා තිබෙනවා.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා පසුව අත්අඩංගුවට ගෙන කළුතර නාගොඩ මහරෝහලට ඇතුළත් කෙරුණා.

මෙලෙස බටර් සොරකමකට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරයට නියම වූයේ කළුතර නාගොඩ ප්‍රගති මාවතේ පදිංචි පුද්ගලයෙකි.

කළුතර සතොස ශාඛාවට පැමිණ ඇති මෙම පුද්ගලයා රුපියල් 1360 ක් වටිනා බටර් පැකට් දෙකක් සොර්කම් කරගෙන යාමට උත්සාහ කිරීමේදී අල්ලා ගත් බවට එම සතොස ශාඛාවේ කළමනාකාරිනිය‍ දකුණු කළුතර පොලිසියට වෙත දුරකතන ඇමතුමක් ලබාදී තිබෙනවා.

ඒ අනුව පොලිස් නිලධාරීන් එහි යන විට සැකකරු සතොස පරිශ්‍රයෙන් පැනගොස් ඒ අසල ස්ථානයක සැඟව සිටි බව පොලීසිය සදහන් කරනවා.

එම අවස්ථාවේ පොලිස් නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේදී සැකකරු පොලිස් සැරයන්වරයෙකු හට බොතල් කටුවකින් ඇන තුවාල කර පලායන අතරතුරේදී උප ​පොලිස් පරීක්ෂකවරයෙකු සැකකරුගේ පාදයකට වෙඩි තැබූ බව අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.

පසුව වෙඩි පහරකා පලාගිය සැකකරු සැකකරු නාගොඩ ප්‍රගති මාවතේ පිහිටි නිවසේ සිටියදී ​පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණා.

තුවාල ලැබූ පොලිස් නිලධාරියාද කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කර ඇති අතර සැ කකරු ශල්‍යකර්මයකට භාජනය කර ඇති බවද අධිකරණයට කරුණු දක්වා තිබෙනවා.

කළුතර වැඩබලන මහෙස්ත්‍රාත් බන්දුල වීරසිංහ මහතා කළුතර නාගොඩ මහ රෝහලට ගොස් පරීක්ෂා කිරීමෙන් අනතුරුව සැකකරු
අගෝස්තු මස 06 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබෙනවා.

News 19 .lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here