ප්‍රදේශ රැසකට අදත් වැසි

0
457

අද දිනයේ දිවයින හරහා නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රීයව පැවතීම හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඌව සහ නැගෙනහිර පළාත් වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකියි.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් දකුණු, වයඹ සහ උතුරු මැද පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය පැ.කි.මී 40 – 50 පමණ දක්වා වැඩි විය හැකියි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here