60ට වැඩිද? බස්නාහිරද? කියවන්න

0
394

කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබා නොගත් බස්නාහිර පළාතේ වයස අවුරුදු 60ට වැඩි සහ බරපතල රෝගාබාධ ඇති පුද්ගලයින්ට ලබන අගහරුවාදා සිට තුන් දිනක් එන්නත් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. 1906 අංකය අමතා ඒ සඳහා ලියාපදිංචි වන ලෙසයි මෙහිදී ඉල්ලීමක් කෙරුණේ.

කොරෝනා මර්දන එන්නත ලබා නොගත් බොහෝ දෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් දැඩි ලෙස අසාද්‍ය තත්ත්වයට පත්ව ඇති බවද සෞඛ්‍ය අංශ සඳහන් කළා. ජීවිත අවදානමෙන් මිදීමට එන්නත්කරණය අතිශය වැදගත් බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී මෙරටදී මිය ගිය බොහෝ පිරිසක් කොරෝනා මර්දන එන්නත ලබා නොගත් පුද්ගලයින් බවද සෞඛ්‍ය අංශ සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here