බස්නාහිර තත්ත්වය භයානකයි…

0
335

බස්නාහිර පළාතෙන් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,500 සීමාවට ආසන්න වී තිබෙනවා.

ඊයේ දිනයේදී බස්නාහිර පළාතෙන් පමණක් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,491 ක්.

ඉන් ආසාදිතයින් 852 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය බරපතල තත්ත්වයක් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

කළුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේදි ආසාදිතයින් 320 දෙනෙකු සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 319 දෙනෙකු හදුනා ගැණුනා.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඊයේ හදුනා ගැණුනු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 255 ක්.

රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 187 දෙනෙකු සහ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 135 දෙනෙකුද ඊයේ දිනයේ හදුනාගත් බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here