Saturday, September 21, 2024

ඩෙල්ටා පැතිරීම 199%කින් වේගවත් වෙයි

උගුරේ වෛරස් වැඩිවෙන කොට වාතයට වැඩියෙන් වෛරස් එක් වෙනවා


ඩෙල්ටා වෛරසයට ප්‍රචාරය වන වේගයට වඩා සියයට 100ක වේගයකින් සමාජය තුළ පැතිර යන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, විශේෂ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

උගුරේ වෛරස ප්‍රමාණය වැඩි වන විට වාතයට වෛරසය වැඩි වශයෙන් එකතු වන බව වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

“අපි උගුරේ සෙම ගත්තාට පස්සේ 40 වතාවක් රත් කරනවා. ඒ 40 වතාවේ දී මේ වෛරසය හමුවුණේ නැත්නම් අපි කියනවා ඒ ලෙඩාට වෛරසය ආසාදනය වෙලා නෑ කියලා. අපි මුල අවස්ථාවේ දී අපි මේ වෛරසය එන කොට 32 – 33 වතාවක් වගේ මේක වර්ධනය කරාම තමයා වෛරසය හමුවුණේ.

දෙවැනි රැල්ල එනකොට අපි සාමාන්‍යයෙන් 22 වතාවක් මේ වෛරසය වර්ධනය කරාම අපි ඒක දකිනවා. පසුගිය මාර්තු මාසයේ පමණ වෙනවිට සාමාන්‍යයෙන් 15 පාරක් පමණ 15 -12 වතාවක් වර්ධනය කරන විට වෛරසය හමුවුණා. පසුගිය දින කිහිපය වන විට උගුරෙන් ගත්ත සෙම එක්වරක් වර්ධනය කළ විට වෛරසය දකින්න පුළුවන්. කෙල බිඳිති මඟින් ප්‍රචාරය වුවත් උගුරේ තිබෙන වෛරස ප්‍රමාණය වැඩිවෙන විට එය බිඳිතිවලට යනවාට අමතරව වාතයට එකතු වේ.”

(Aruna)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles