Saturday, September 21, 2024

මහින්ද නැවැත්වූ තැනින් බැසිල් පටන් ගනී

සමෘද්ධි චක්‍රලේඛණය වෙනස් කරන්න ශෙහාන් උපදෙස් දෙයි


රටේ ආදායම් උත්පාදනය කිරීමට ඇති එකම ක්‍රමය රුපියල් 3500 ක උපරිමය වූ සමෘද්ධි මුද්දරය ලබා දීම නොවන බවත් ලංකාව තුළ ජීවත් වෙන පවුල් ලක්ෂ 60 ටම සමෘද්ධි මුද්දරය ලබා නොදෙන බව සමෘද්ධි, ගෘහ ආර්ථික ක්ෂ්ද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවැසීය.

අද (09) කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය ඇමතිවරයා එසේ ප්‍රකාශ කළේය.

සමෘද්ධි මුද්දරයට පමනක් සමෘද්ධි අමාත්‍යාංශය සීමා නොවී ඉන් එහා ගිය මෙරට සිටින ජන කොට්ඨාසය මෙන් සමෘද්ධි ප්‍රථිලාභී ජන කොට්ඨාසයද නගා සිටුවීම සමෘද්ධි අමාත්‍යාංශයේ නව ක්‍රියාමාර්ගය සහ බලාපොරොත්තුව බව එහිදී වැඩි දුරටත් රාජ්‍ය ඇමැතිවරයා පැවසූහ.

මාධ්‍ය වෙත අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා,

රටේ ආදායම් උත්පාදනය කරන්න ඇති එකම ක්‍රමය රුපියල් 3500 ක උපරිම සමෘද්ධි මුද්දරය දීලා නොවේ. සමෘද්ධි මුද්දරය දීලා රජය වගේම ජනතාව හිතනවානම් මේක තමයි දියුණු වෙන්න පුලුවන් එකම ක්‍රමය කියලා ඒක විසදුමක් නොවේ. අපි ඊට එහා ගිය වඩාත් සාර්ථක ක්‍රම වේද දැන් හදනවා. ඒ හරහා සමෘද්ධියට ග්‍රාමීය ජනයාට වඩාක් සිමීප කරනවා. සමෘද්ධියෙන් දියුණු වෙන පිරිසක් රට තුළ හදනවා.

අද වන විට රඅපියල් 5000 ක් සමෘද්ධියෙන් ණයක් ලෙස අරගෙන හොදින් දියුණු වුණ සමෘද්ධි ලාභි ව්‍යසායක කාන්තාවන් ග්‍රාමීය ප්‍රදේශ වල ඉන්නවා. දැන් ඒ අය සමෘද්ධි බැංකු පද්ධතිය හරහා රුපියල් ලක්ෂ 10 යේ සහන පොලී ණය අරගෙන සවි බල ගැන්වෙමින් සිටිනවා. එයයි අපි කළ යුත්තේ.

දැනට තිබෙන සමෘද්ධි චක්‍රලේඛණය කියවා එහි අනතර් ගතය තේරුම් ගන්න දින දෙක්ක පමණ කාලයක් ගත වෙනවා. ඒ නිසා මම බලධාරින් හට උපදෙස් ලබා දුන්නා කඩිනම්න් මෙහි අන්තරගතයේ සඳහන් වඩාත් අවශ්‍යතාවයක් ඇති කොටස් අරගෙන අලුතින් සමෘද්ධි චක්‍රලේඛණයක් නිකුත් කරන්න කියලා.

ජනාධිපතිතුමන්, අගමැතිතුමන් වගේම අපේ අලුත් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා මෙරට සමෘද්ධිය පුළුල් කරන්න අවශ්‍ය සියලු සහය නොමසුරුව අපට ලබා දෙමින් සිටිනවා. මෙතෙක් පැවති ක්‍රම වේද වෙනස් කරමින් මීට පෙර අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුදල් ඇමති වරයා ලෙස සිට නැවතු තැන සිට වැඩ ආරම්භ කරන්න නව මුදල් ඇමැතිවරයා අද කටයුතු කර තිබෙනවා.

ලංකාවේ ජීවත් වෙන පවුල් ලක්ෂ 60 ටම සමෘද්ධි මුද්දරය ලබා දෙන්න අපට බෑ. සමෘද්ධි ලාභින්ට අපි ලබා දෙන සමෘද්ධි කාඩ් පතින් දියුණු වෙන්න පුලුවන් කියලා හිතෙනවනම් අපට එය දෙන එක ප්‍රශ්නයකුත් නොවේ. ඒක නොවේ විසදුම. මෙරට සිටින අනිත් ජන කොට්ඨාස මෙන් සමෘද්ධි ප්‍රථිලාභී ජන කොට්ඨාසයත් නගා සිටුවීමයි අපේ අරමුණ. ඒ සඳහායි අපි දිවයින පුරා අවරණය වන පරිදි නව නිෂ්පාදන ගම්මාන බිහි කරන්නේ.

(Aruna)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles