Monday, October 21, 2024

භයානක ඩෙල්ටා බෝමිබය පුපුරා අවසන් . – රාජ්‍ය ඇමති චන්න

මේ මොහොත වන විට රට තිබෙන්නේ ඩෙල්ටා බෝම්බය පුපුරා අවසන් තත්වයක් යටතේ බව  ඖෂධ නිශ්පාදන සැපයුම් හා නියාමන රාජය ඇමති මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

ජනතාව ප්‍රවේශම් නොවුනහොත් එය කොයි මොහොතේ ඉන්දියාවේ හා ඉන්දුනීසියාවේ  තත්වයට පත් වනු ඇති බවත් ඉදිරි සති දෙක තුන ඉතා තීරණාත්මක බවත්  පැවසීය.

ජනතාව තම සංචාරණය සීමා නොකර සෞඛ්‍යය නීති නිසි ලෙස අනුගමනය නොකළහොත් බෝම්බය තමන්ගේ නිවෙස් වලට ද පැමිණෙනු ඇතැයි ද ඔහු අනතුරු ඇඟවීය.

කොරෝනා මරණ වලක්වා ගැනීමට නම් කොරෝනා මර්ධන එන්නත වහාම ලබා ගත යුතු නිසා ඊට වහාම කටයුතු කරන්නැයි සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

විටමින් සී බහුල පලතුරු ආහාරයට ගැනීම වැදගත් බවත් විටමින් සී පෙති දිනපතා ලබා ගත හැකි බවත් පැවසූ ඔහු ඉඟුරු කොත්තමල්ලි සීනි නොදා දිනපතා පානය කිරීම ද ශරීර ප්‍රතිශක්තිය වැඩි දියුණු කරගැනීම සඳහා ඉවහල් වන බවද තවදුරටත් කියා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles