“ළමුන් අතර රෝගය පැතිරයාම වේගවත්” – මහාචාර්ය චන්න ජයසුමන

0
358

ළමුන් අතර රෝගය පැතිරයාම පසුගිය සතියේ වේගවත්ව තිබෙන බව ශ්‍රී ලංකාවේ ප්‍රධානතම කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වන හෝමාගම මූලික රෝහලේ වෛද්‍යවරුන් පැවැසූ බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

හෝමාගම මූලික රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව සිය Facebook පිටුවෙන් ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළා.

එන්නත් මාත්‍රා දෙකම ලබාගත් අයට රෝගය වැළඳුණද, එහි බලපෑම අවම බව වෛද්‍යවරු සඳහන් කළ බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

නිධන්ගත රෝගාබාධවලින් පෙලෙන COVID 19 වැළඳුණු රෝගීන් බහුතරයක් හෝමාගම කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන බවත් ඉහල යන රෝගීන් ප්‍රමාණය හමුවේ උපරිම සේවයක් ලබා දීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ප්‍රශංසනීය සේවයක් ඉටු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. (colombotimes.lk)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here