කොරෝනාවෛරසය: ඊයේ ආසාදිතයින් 2,922ක් – වැඩි ම ගණන කොළඹ දිස්ත්‍රික්කයෙන්

0
307

ඊයේ (අගෝස්තු 10) දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 2,922 දෙනෙකු හඳුනාගෙන තිබේ.

මෙරටින් හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩි ම ආසාදිතයින් ගණන වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 511කි. 

එමෙන් ම, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 402 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 363 දෙනෙකු හඳුනාගෙන ඇත.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 287 දෙනෙකු ද ආසාදිතයින් 171 දෙනෙකු හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ද වාර්තා වී තිබේ.

තව ද මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 138 දෙනෙකු ද මොණරාගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 105 දෙනෙකු බැගින් ද වාර්තා වී ඇත.

මේ වන විට මෙරට වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 335,869කි.

මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (අගෝස්තු 10) දිනයේ දී තවත් කොවිඩ් මරණ 118ක් සිදු වූ බවට තහවුරු කර තිබේ.

ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5,340ක් දක්වා ඉහළ ගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here