Saturday, October 19, 2024

සෞඛ්‍ය අංශ දුන් උපදෙස් නොතැකීමෙන් රට අනතුරේ

තවදුරටත් කොවිඩ් සම්බන්ධයෙන් ආණ්ඩුව මන්දගාමීව කටයුතු කළහොත් රට වැසීමට පෙර ඉබේ ම රට වැසෙනු ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ ‘මව්බිම’ට පැවසීය. 

ආර්ථික අර්බුදය සෑමවිට ම පෙරට ගනිමින් ආණ්ඩුව සෞඛ්‍ය අංශ උපදෙස් නොතකා හැරීම තුළ රට දැවැන්ත අනතුරකට පත්ව ඇති බවත් තවදුරටත් මේ ආකාරයට රට පවත්වාගෙන යන්නේ නම් ජීවත් වන්නට මිනිසුන් ඉතිරි වේදැයි ප්‍රශ්නයක් පවතින බවත් සමරසිංහ මහතා කීය. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් දිනපතා මාධ්‍යයේ පෙනී හිඳිමින් කොවිඩ් නීති උල්ලංඝනය කරන අය අත්අඩංගුවට ගන්නා බවට බොරු පුරසාරම් දෙඩෙව්වත් බස් රථවල සිරවී යන මගීන් ප්‍රමාණය කොපමණ දැයි මෙතෙක් දැක නැත්දැයි ඔහු ප්‍රශ්න කළේය.

රටේ එන්නත්කරණ ප්‍රතිශතය ඉහළ දැමීමට නම් තවත් එන්නත් ලක්ෂ 100ක් වත් ගෙන්විය යුතු වන අතර ගෝලීය කොවිඩ් අර්බුදය සමග පුද්ගලයකුට වසරින් වසර එන්නත ලබාගැනීමට සිදුවන තත්ත්වයක් උද්ගතව ඇතැයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. ආණ්ඩුව තම උද්දච්ඡ හැසිරීම් නවත්වා දැන් හෝ සෞඛ්‍ය අංශවලට අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට ඉඩදිය යුතු යැයි ඒ මහතා එහිදී පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles