Friday, October 18, 2024

ඉරානයේ විනාඩි දෙකකට වරක් කොරෝනා මරණයක්

ඉරානයේ සැම විනාඩි දෙකකට වරක්ම එක් කොරෝනා ආසාදිතයකු මිය යන බව එරට රජයේ රූපවාහිනිය පෙරේදා (09දා* නිවේදනය කළේය. මැදපෙරදිග රටවලින් දරුණුම ලෙස කොරෝනා ආසාදනය පැතිර යන රට වන ඉරානයේ පෙරේදා දිනයේ කොරෝනා මරණ 588ක් පමණ වාර්තා වී තිබේ.

 කොරෝනා වසංගතය ඉරානයේ ශීඝ‍්‍රයෙන් පැතිරීමට මුල් වී ඇති හේතුව බවට බලධාරීන් විසින් චෝදනා කරනුයේ ජනතාවට සමාජ දුරස්ථභාවය පවත්වාගැනීමට නොහැකි වීමය. කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව වැඩි වීමත් සමගම ඉරානය පුරා පිහිටි බොහෝ රෝහල්වල ඇඳන් පිරෙමින් පවතින බව වාර්තා වී ඇත. ඉරාන සමාජ මාධ්‍ය ජාල විසින් චෝදනා කරනුයේ රජයේ දුර්වල කොරෝනා එන්නත්කරණය ද මෙම තත්ත්වයට හේතු වී ඇති බවය. එරට මිලියන 83ක් වන ජනගහනයෙන් මෙතෙක් කොරෝනා එන්නත් ලබා දී ඇත්තේ සියයකට 4කට පමණක් බව එම මාධ්‍ය ජාල පවසයි.

Divaina.lk

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles