බදු ඉවත් කළත් කිරිපිටි ගෙන්වීමට හැකියාවක් නැහැ – 200 ක මිල වැඩිවීමකුත් ඉල්ලයි

0
414

රජය බදු ඉවත් කළත් කිරිපිටි ආනයනය කිරීමට හැකියාවක් නොමැති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමය සඳහන් කළේ ඉවත් කළ බද්දෙන් කිරිපිටි කිලෝවක පාඩුව රුපියල් 100 ක් පමණ පියවා ගත හැකි බවයි.

කෙසේ වෙතත්, එක් කිරිපිටි කිලෝවකින් තවදුරටත් රුපියල් 200 ක පමණ පාඩුවක් සිදුවන බව ඔවුන් පෙන්වා දෙනවා.

මෙම තත්ත්වය මත අවම වශයෙන් කිරිපිටි කිලෝවක මිල රුපියල් 200 කින් වැඩි කිරීම අත්‍යාවශ්‍ය බවයි කිරිපිටි ආනයනකරුවන්ගේ එකමුතුවේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, දේශීය කිරිපිටි නිෂ්පාදකයන් පවසන්නේ වෙළඳපොල තුල කිරිපිටි හිඟයක් ඇති වීමට ඉඩ නොතබන බවයි.

මේ අතර, රට තුල පවතින ගෑස් හිඟයට කඩිනමින් විසඳුම් ලබාදෙන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ උද්ගතව ඇති ගෑස් හිඟය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින්.

ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ සඳහන් කළේ ගෑස් හිඟයට පිලියමක් ලෙස සිලින්ඩර් ලක්ෂයක් කඩිනමින් වෙළඳපොලට නිකුත් කරන බවයි.

Hiru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here