ලුණු ගන්නවා වගේ නැතුව අවශ්‍ය ප්‍රමාණයට විතරක් ගෑස් ගන්න’ – දිලුම් අමුණුගම

0
367

ජනතාව අනවශ්‍ය ලෙස ගෑස් සිලින්ඩර දෙක තුනක් මිලදී ගැනීමට කටයුතු කර ඇති බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

ලාෆ්ස් සමාගම ගෑස් සැපයීම අත්හිටවූ විට ගෑස් හිඟයක් ඇති වේයැයි බියෙන් ජනතාව අනවශ්‍ය ලෙස ගෑස් එකතු කිරීමට පෙළඹුන බව රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍යට අදහස් දක්වමින් සඳහන් කළේය.

ලංකාව වටේම මුහුද තිබෙන විට ඉකුත් දා ලුණු හිඟයක් ඇති වෙතැයි බියෙන් ජනතාව ලුණු ද තම නිවෙස් වල ගොඩගැසීමට කටයුතු කළ බව පැවසු දිලුම් අමුණුගම මහතා කියා සිටියේ ඒ ආකාරයෙන් ගෑස් ගොඩගසා ගැනීමට කටයුතු නොකරන ලෙසටයි.

දිනකට ලිට්‍රෝ සමාගමෙන් ගෑස් සිලින්ඩර ලක්ෂයක් නිකුත් කළත් එය බෙදාහැරීමේදී ගැටළු සහගත තත්වයක් ඇති බවද ඒ මහතා දුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here