Wednesday, January 15, 2025

එන්නත්කරණය සිදුකළ ද මුඛ ආවරණ පැලඳීම අනිවාර්යයි

කොරෝනා වයිරසය මාසයකට දෙවරක් පමණ සිය ප්‍රෝටීන් වෙනස් කරගැනීම හේතුවෙන් එහි නව ප්‍රභේද නිර්මාණය වීමේ වැඩි හැකියාවක් පවතින බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කරයි.

පවතින තත්ත්වය හමුවේ එන්නත්කරණය සිදුකළ ද මුඛ ආවරණ පැලඳීම අනිවාර්යයෙන් සිදුකළ යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

“අපේ ලංකාවේ සියලුමදෙනා එන්නත් කර අවසන් වීමට පෙර ඔබ මාස්ක් එක ගැලෙව්වොත් අවට සිටින අයට මේක හැදෙන්න පුළුවන්. එතකොට ඔබට හිතෙන්න පුළුවන් ඒ අයට හැදුනට මට හැදෙන්නේ නෑ කියලා.

ඒක නොවෙයි මෙතැන බරපතළ තත්ත්වය. ඔබ දන්නවාද මේ වයිරසය මාසයට දෙවරක් එයාගේ ප්‍රෝටීන වෙනස් කරනවා. එතකොට හිතන්න මේ සමාජයේ ඒක තිබුණා කියලා ඔබට හැදෙන්නේ නෑ. නමුත් මේක සමාජයේ තියෙනකොට වෙන්නේ ඩෙල්ටා, බීටා, ගැමා වශයෙන් ඒ වයිරසයේ නොයෙකුත් අලුත් ප්‍රබේද ඇති වෙන එකයි.”

“අපි දැනගත යුතු වැදගත් කාරණයක් තියෙනවා. එන්නත දීපූ පමණින් ඔබට ප්‍රතිශක්තිය ලැබෙන්නේ නෑ. පළමු මාත්‍රාව ගන්න ඕනෑ. දෙවැනි මාත්‍රාවත් ගන්න ඕනෑ. ඒකත් අරන් තවත් සති දෙකක් ගියාට පස්සෙයි ප්‍රතිශක්තිය හැදෙන්නේ.

එතකොට අපි දන්නවා මේ වනවිට වයස අවුරුදු 30ට වැඩි ලංකාවේ සියලුම අයගෙන් සියයට අනූහයකට පළමුවැනි මාත්‍රාව දීලා තියෙනවා. එහෙත් දෙවැනි මාත්‍රාව තවම ලබාදී තියෙන්නේ සියයට විසිපහක් වැනි සංඛ්‍යාවකට පමණයි. ඒ අනුව මේ මාසය තුළ ඉතිරි පිරිසටත් දෙවැනි මාත්‍රාව ලබාදෙන්න තියෙනවා.

Rඑහෙමනම් මේ වයිරසයට අප ගොදුරු වුණොත් ඒ අවස්ථාවේදීම අපට මේ රෝගය හැදෙන්න පුළුවන්. නිසි ආකාරව මේ එන්නතෙන් ලැබෙන ප්‍රතිශක්තිකරණයෙන් අපේ ආරක්ෂාව සැලසෙන්න නම් අවම වශයෙන් සැප්තැම්බර් මාසයේ මැද වෙනකන්වත් මේ විධියට ආරක්ෂාකාරීව යන්න වෙනවා.”

Mawbima.lk

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles