චීනය පුරා ඩෙල්ටා පැතිරවීමට ඉඩදුන් නිලධාරීන්ට දඬුවම්

0
391

චීනය පුරා ඩෙල්ටා කොරෝනා වයිරස් ප‍්‍රභේදය පැතිරවීමට ඉඩ හැරීමේ චෝදනාව මත නිලධාරීන් 30 දෙනෙකුට අධික පිරිසකට දඬුවම් ලබා දීමට චීන බලධාරින් විසින් පියවර ගෙන තිබේ.

චීනයේ ‘ඩෙල්ටා’ වයිරස් ප‍්‍රභේදය පැතිරවීමට ඉඩ හැරීම සම්බන්ධයෙන් එරට නගරාධිපතිවරුන්, සෞඛ්‍ය අධ්‍යක්ෂකවරුන්, රෝහල් ප‍්‍රධානින් හා ගුවන් තොටුපළ බලධාරීන් ඇතුළු නිලධාරීන් 30 දෙනෙකුට අධික සංඛ්‍යාවකට වෛද්‍යමය ලෙස නොසලකා හැරීමේ චෝදනා මත මෙසේ දඬුවම් ලබා දී ඇත.

මෙම නිලධාරීන්ගේ නොසැලකිලිමත් බව හේතුවෙන් මසකට අඩු කාලයක් තුළදී චීනයෙන් ‘ඩෙල්ටා’ ආසාදිතයන් 900 ක් පමණ දෙනා වාර්තා වී ඇති බව චීන පාලකයෝ පවසති.

ඩෙල්ටා ප‍්‍රභේදය පැතිරීම ඇරඹි නැන්ජින් ප‍්‍රදේශයෙන් මේ වන විට ඩෙල්ටා ආසාදිතයන් 308 දෙනකු හඳුනාගෙන ඇති අතර ඔවුන්ගෙන් 08 දෙනකු දැඩි අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව වාර්තා වී තිබේ. මාස හයකට අධික කාලයකින් චීනයෙන් කිසිදු කොරෝනා මරණයක් වාර්තා වී නොමැත.

(උපුටා ගැනීම දිවයින පුවත් වෙබ් අඩවිය)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here