Sunday, September 29, 2024

සංචරණය කරල නැත්තේ ‘දිස්ත්‍රික්ක’ විතරයි…! අනික් හැමෝම ඇවිදල… – මහාචාර්ය අර්ජුන

මෙම සතිදෙක වඩාත් තීරණාත්මක බැවින් පුද්ගල සංචරණය පාලනය කිරීම සඳහා බලධාරීන් සුදුසු පියවරක් ගතයුතු බව මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි.

අද දෙරණ නාලිකාවෛ් බිග් ෆෝකස් වැඩසටහන සමග එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා,

“මේ සති දෙක තීරණාත්මකයි. අනිවාර්යයෙන් විවාහ මංගල උත්සව, අවමංගල උත්සව, කාය වර්ධන මධ්‍යස්ථාන වගේ ඒවට ඉඩ දෙන්න බෑ. ඒවා වහන්න ඕනේ. මොකද වැඩිපුරම මේ වෛරසය බෝ වෙන්න පුළුවන් ස්ථාන සහ ක්‍රියාකාරකම් ඔක්කොම නවත්වන්න ඕනේ. මේ සති දෙක පාරට බහින්නේ නැතුව රජය සහ අදාළ පාර්ශ්වයන් එකතු වෙලා අඩුම ගානේ මේ සති දෙක මේක ගොඩ දාන්න අවස්ථාවක් කරගන්න ඕනේ. ලොක්ඩවුන් නෙමෙයි ලොකප් කරන්න කියලා කියන්නේ. ලොක්ඩවුන් කියන්නේ ඔක්කොම වහන එකනේ. ඒක මොනාහරි හේතුවකට කරන්න බැරි නම් මේක කරන්න. දැන් තියෙන තත්ත්වය අනුව දිස්ත්‍රික්ක හැර අනෙක් හැමෝම සංචරණය කරලා තියෙන්නේ. දිස්ත්‍රික්ක ගිහින් නෑ..මිනිස්සු ගිහින්.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles